මුතු රාජා සුවසේ තායිලන්තයට ගොඩබසී

අද (02) පෙරවරු 7.30 ට රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් තායිලන්තය වෙත ගෙන ගිය මුතු රාජා ඇතු මේ වන විට නිරුපද්‍රිතවම එහි චීයන් මායි ගුවන්තොටුපළට ගොඩ බස්සවා ඇති අතර ඇතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බව නොනිල ප්‍රකාශකයෙක් පවසා තිබේ.තායිලන්ත රජ පවුල විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලදුව අලුත්ගම කන්දේ විහාරයේ පුරා වසර විසි දෙකක් ගත කළ “මුතු රාජා”ඇත් රජුට මෙරට දී සිදු වූ තාඩන පීඩන මත ඇතා නැවත තායිලන්තයට ගෙන යන ලදී.මුතුරාජා ගේ සුව දුක් විමසීම පිණිස එහි සිටින ශ්‍රී ලාංකික පිරිසක් ද චීයන් මායි ගුවන් තොටු පළ වෙත ගොස් තිබේ.මීළඟට මුතු රාජා ඒ රැඳවුම පිටින්ම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගොස් ඔහු ඉන් මුදා හරිනු ඇත.

කාලීන පුවත්