රට පුරා විදුලිය බිඳ වැටෙන්න හේතුව හොයයි

ඊයේ (9) පස්වරුවේ පැය පහකට ආසන්න කාලයක් ජාතික විදුලි බල පද්ධතිය මුළුමනින්ම බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් යොදවා ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රීය වී ඇති බවට මෙතෙක් කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ වාර්තාවක් මණ්ඩලය සතු විය යුතු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

කාලීන පුවත්