රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බවට පත්වෙයි

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව 2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත්විය. ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් සියයට හතළිස් දෙකකි.

ඊට පසු ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ වැඩිම පොලී ගෙවන රට බවට පත්විය. රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල සියයට 71කි. පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා සියයට 77ක් ගෙවූ බව මහ බැංකු වාර්තා හෙළිකරයි.

ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව පෙනී යන්නේ යැයි අතු කෝරළ මහතා කීවේය.

කාලීන පුවත්