ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

මෙරට ප්‍රථම මගී ප්‍රවාහන ඩ්‍රෝන යානය දිවයිනට පැමිණ ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.මෙම මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයේ පළමු පියාසර වාරය මෙම මාසය අවසානයේදී කොළඹ වරාය නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි.

මෙම ඩ්‍රෝන යානය මගින් එක් වරකට මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි අතර, විනාඩි 30ක කාලයක් අඛණ්ඩව පියාසර කිරීමේ හැකියාව පවතින බව සඳහන්.ඩ්‍රෝන තාක්ෂණය මත පදනම් වූ ගුවන් යානා ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වාදීම වේගවත් කිරීම සඳහා EHang සමාගම විසින් දියත් කරන ලද “Global Fast Track Program” වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට මෙම විශේෂ අවස්ථාව හිමිවී තිබෙන බවයි සඳහන් කරයි.

මේ අනුව මෙම මගී ඩ්‍රෝන යානාවල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය නගරය නම් කර තිබෙන අතර සීගිරිය, පිදුරංගල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සංචාරකයන් සඳහා වන පියාසර වාර ආරම්භ කිරීමට ද සැලසුම් කරමින් පවතියි.

කාලීන පුවත්