විකෘති කළ සහ නීතිවිරෝධී යතුරුපැදිවලට දැඩි නීතිමය පියවර

ශබ්දය වෙනස් කරමින් මුල් ආකෘතිය වෙනස් කර ඇති සහ ලියාපදිංචි නොකළ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු. පී. ජේ. සේනාධීර සඳහන් කළේ යතුරුපැදි කණ්ඩායම් වශයෙන් ගමන් කරන ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසිකත්වයකින් රිය ධාවනය කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබා නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු රථවාහන නිලධාරීන් දැනුවත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

කාලීන පුවත්