විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ප්‍රාදේශීය කාර්යාල සඳහා අද සිට ඔන්ලයින් ක්‍රමයක්

එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් අද (29) සිට අන්තර්ජාලය ඔස්සේ (Online) දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව, අදාළ සේවාවන් ලබාගැනීම සඳහා පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා නිසි පරිදි වේලාවක් වෙන්කරවාගෙන, එම නියමිත වේලාවට පමණක් ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

මෙම පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල හරහා ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය අදාළ නොවන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්