වෙළෙඳපොළේ සීනි සහ සම්බා සහල් හිඟයක්

මේ වන විට සීනි සහ සම්බා සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව ඇති බව වාර්තා වේ. ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමිමට පසුගියදා රජය පියවර ගත්තේය.

බදු වැඩි කිරීමත් සමඟ බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර, එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදු විය.

කාලීන පුවත්