
2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි. ඉන් වසර එකහමාරකට පමණ පසු දිනෙක මගේ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ අදහාගත නොහැකි පුවතකි. එනම්, රසායනික තබා කාබනික පොහොරවත්, අවම වශයෙන් නිසි ජල සැපයුමක්වත් නොමැතිව මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන ද අතිසාර්ථක කරන “විශ්ව ශක්ති” කෘෂි උපදේශකයකු කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන බවයි. මගේ මිතුරා පැවසූ අන්දමට, මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව විශ්වයේ කේන්ද්‍රය හෙවත් “මධ්‍ය ලක්ෂ්‍යය” බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.නමුත් එය බටහිර විද්වතුන් මෙතෙක් ලෝකයා හමුවේ එළි දක්වා නැත. ඒ ඔස්සේ ඔහු හඳුන්වා දෙන්නේ “විශ්ව ශක්ති කෘෂි සංකල්පය” නම් අමුතුම න්‍යායකි. මෙය ලංකාවට පමණක් උරුම සුවිශේෂී වරප්‍රසාදයක් නිසා ජාත්‍යන්තරය මීට අකමැති බවත්, මෙය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම කෘෂි රාජධානිය වනු ඇති බවත් ඔහු අනාවැකි පළ කර තිබුණි. මෙම “රහස් වට්ටෝරුව” එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවා දන්වා ඇති බව ද මට දැනගන්නට ලැබිණි.
“මහත්මයා, මේ රටේ තියෙන හැම ගල් කැටයක්ම මැණික් කැටයක් කරගන්න පුළුවන් විශ්වීය වරප්‍රසාදයක් අපිට තියෙනවා. ප්රශ්නය තියෙන්නේ කවුරුත් ඒක ප්‍රයෝජනයට නොගන්න එකයි. මේක තමයි මුළු විශ්වයේම තියෙන ‘කේතුමතී’ රාජධානිය!” යනුවෙන් ඔහු පැවසීය. ඔහුගේ වගා උපදේශනය අතිශය සරල වූත්, අද්භූත වූත් එකකි. ඔබ ඉන්නා ප්‍රදේශය සහ බිම් ප්‍රමාණය පවසන්න; වගා කිරීමට බලාපොරොත්තු වන බෝග නම් කරන්න; සියල්ලටම වඩා වැදගත්ම දේ වන්නේ ඔබේ කේන්ද්‍ර පිටපත හෝ උපන් වේලාව ඔහුට එවන්න යනුවෙන් ඔහු උපදෙස් දුන්නේය. එවිට ඔහු උපන් වේලාව, භූමිය සහ බෝගය විශ්ලේෂණය කර “විශ්ව ශක්ති නිමේෂයක්” ලබා දෙයි. ඒ නිවැරදි මොහොතේ බීජය සිටුවුවහොත්, ගල් ගොඩක වුවද වතුර නැතිව බෝග වැවෙන බවත්, උපරිම අස්වැන්න ලැබෙන බවත් ඔහු සහතික විය.
කුතුහලය දරාගත නොහැකි තැන මිතුරා දුන් අංකයට මම එම පුද්ගලයාට ඇමතුමක් ගත්තෙමි. “මහත්මයා, මගේ අක්කර කිහිපයක ඉඩමක් තියෙනවා, තවම මුකුත් වගා කරලා නැහැ. ඔබතුමාගේ ඔය විශ්ව ශක්ති ක්‍රමයෙන් අස්වැන්නක් ගන්න පුළුවන්ද?” මම ඇසූවෙමි. රිසීවරයේ අනෙක් පසින් ඇසුණේ දොළ පාරක් ගලන්නාක් වැනි චතුර දේශනයකි. ඔහු වචන හසුරුවන්නේ මේ දේවල් දහස් වාරයක් කියා හුරුපුරුදු අයෙකු ලෙසිනි. “මහත්මයා, මේ රටේ තියෙන හැම ගල් කැටයක්ම මැණික් කැටයක් කරගන්න පුළුවන් විශ්වීය වරප්‍රසාදයක් අපිට තියෙනවා. ප්රශ්නය තියෙන්නේ කවුරුත් ඒක ප්‍රයෝජනයට නොගන්න එකයි. මේක තමයි මුළු විශ්වයේම තියෙන ‘කේතුමතී’ රාජධානිය!” යනුවෙන් ඔහු පැවසීය. ඔහුගේ වගා උපදේශනය අතිශය සරල වූත්, අද්භූත වූත් එකකි. ඔබ ඉන්නා ප්‍රදේශය සහ බිම් ප්‍රමාණය පවසන්න; වගා කිරීමට බලාපොරොත්තු වන බෝග නම් කරන්න; සියල්ලටම වඩා වැදගත්ම දේ වන්නේ ඔබේ කේන්ද්‍ර පිටපත හෝ උපන් වේලාව ඔහුට එවන්න යනුවෙන් ඔහු උපදෙස් දුන්නේය. එවිට ඔහු උපන් වේලාව, භූමිය සහ බෝගය විශ්ලේෂණය කර “විශ්ව ශක්ති නිමේෂයක්” ලබා දෙයි. ඒ නිවැරදි මොහොතේ බීජය සිටුවුවහොත්, ගල් ගොඩක වුවද වතුර නැතිව බෝග වැවෙන බවත්, උපරිම අස්වැන්න ලැබෙන බවත් ඔහු සහතික විය.

ඉන් පසුව මම සෙමින් “ගෙවීම්” ගැන විමසූ විට ඔහුගේ ස්වරය ස්ථාවර විය. “මේක කුලියක් නෙවෙයි මහත්මයා. නමුත් මගේ මේ විශ්වීය දැනුම සහ සුබ හෝරාව තනා දීම වෙනුවෙන් රුපියල් 35,000ක මූලික මුදලක් අවශ්‍යයි. පස්සේ තවත් අවස්ථා තුනකදී රුපියල් 12,000 බැගින් ගෙවන්න ඕනේ. බලන්න, රසායනික පොහොරවලට යන වියදමට වඩා මේක කොච්චර ලාභද?” යනුවෙන් ඔහු විමසීය. ඉන් සෑහීමකට පත් වූ බවක් අඟවමින් මම ඔහුගෙන් හරස් ප්‍රශ්නයක් ඇසීමට තීරණය කළෙමි. “දැනට මේ ක්‍රමයෙන් සාර්ථක වුණ තැන් තියෙනවද?” මම ඇසූවෙමි. “ඇයි නැත්තේ! ඇවිත් බණ්ඩාරගම, මිල්ලනියේ වී වගාව බලන්න. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයත් ඒක දැකලා පුදුම වුණා. මේ ක්‍රමය රට පුරා ව්‍යාප්ත කරන්න ඇමතිතුමා මට විශේෂ කැඳවීමක් කරලා තියෙන්නේ,” ඔහු ඉතා ආත්ම විශ්වාසයෙන් යුතුව පැවසීය.
නමුත් ඒ සම්බන්ධ සැබෑ තත්ත්වය සෙවීමට මම මිල්ලනිය ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට කතා කළෙමි. එවිට ඔහු පැවසුවේ, “ඔව්, මහින්දානන්ද ඇමතිතුමා නම් එහේ ආවා තමයි. හැබැයි ඒ ගොවියෝ කියන්නේ ඒකට දැම්මේ කාබනික පොහොර විතරයි කියලා. ඒත් සමහරු නම් කියන්නෙ ඒ මිනිස්සු හංගලා තිබුණු යූරියා ටික ගොයමට ගහලා ඇමතිතුමාව හොඳට ඇන්දුවා කියන එකයි!” යනුවෙනි. කාලය වේගයෙන් ගෙවී ගොස් ඇත. අද වන විට එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ පසුවන්නේ බන්ධනාගාරගතවය. ඒ මොහොතේ ඔහු ඉල්ලූ මුදල නොදුන් මම, නැවතත් අර “විශ්ව ශක්ති” උපදේශකයාගේ අංකයට ඇමතුමක් ගත්තෙමි. පිළිතුර ලෙස ඇසුණේ පටිගත කළ පණිවිඩයකි: “ඔබ අමතන දුරකතන අංකය තාවකාලිකව විසන්ධි කර ඇත…”
ශ්‍රී ලංකාව යනු හුදෙක් භූගෝලීය ඒකකයක් පමණක් නොව, එය සතු අද්භූත හා සුවිශේෂී බලශක්තීන් සමුදායක් පවතින බවට වන විශ්වාසය වර්තමාන සමාජය තුළ අලුත් මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ. විශේෂයෙන්ම රට මුහුණ දී සිටින දැඩි ආර්ථික පරිහානිය සහ දේශපාලනික අස්ථාවරත්වය හමුවේ, පුද්ගල මනස තුළ හටගන්නා අසංතෘප්තතාව සමනය කරගැනීම සඳහා ජනතාව ඓතිහාසික “අතීත කාමය” (Historical Nostalgia) නම් වූ මනෝවිද්‍යාත්මක ආරක්ෂක යාන්ත්‍රණය වෙත යොමු වෙමින් සිටිති. වර්තමානය පීඩාකාරී වන විට, මිනිසා සහනය සොයා මානසිකව අතීතයට පලායෑම (Escapism) සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ස්වභාවයකි. ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ මෙය “අප සතුව තිබී අහිමි වූ මහා බලයක්” පිළිබඳ සංකල්පය මත ගොඩනැඟී ඇත.මේ වන විට සීගිරි පර්වතය තුළ සඟවා ඇතැයි පැවසෙන රාවණා රජුගේ දඬුමොණරය, අතීතයේ තිබූ බව කියන සුවිශේෂී තාක්ෂණයන් හෝ භූගතව පවතින බලශක්තීන් පිළිබඳ කතා පුවත් නැවත නැවතත් සමාජගත වන්නේ වර්තමානයේ පවතින තාක්ෂණික හා ආර්ථික අසරණභාවයට සාපේක්ෂව ඇති කරගන්නා වූ “ව්‍යාජ ආත්ම අභිමානයක්” වශයෙනි.

සමාජයක් ආර්ථික වශයෙන් ඇද වැටෙන විට, මිනිසුන් තර්කනය අතහැර අද්භූත බලවේග මත විශ්වාසය තැබීමට පෙළඹේ. “අප සතු බලශක්තීන් නිසි ලෙස කළමනාකරණය කළහොත් ලොව දිනිය හැකිය” වැනි ප්‍රකාශයන් මඟින් සිදුවන්නේ පවත්නා ගැටලුවලට සැබෑ විසඳුම් සෙවීම වෙනුවට, මනෝලෝකයක අතරමං වීමයි. මෙය එක්තරා අතකින් සාමූහික මෝහයක් (Collective Delusion) ලෙස ද හැඳින්විය හැකිය.
ලොව අන් කිසිදු රටකය නොමැති සුවිශේෂී ශක්තීන් (Energy Vortexes) ලංකාව තුළ පවතින බවට වන මතවාද වර්තමානයේ ඉතා ප්රබලය. රූමස්සල, සීගිරිය හෝ කෝණේෂ්වරම් වැනි ස්ථාන විශ්ව ශක්තිය නිකුත් කරන මධ්‍යස්ථාන ලෙස අර්ථකථනය කෙරේ. විද්‍යාත්මක පදනමකට වඩා මෙහි පවතින්නේ සංස්කෘතික පදනමකි. වර්තමානයේ තරුණ පරපුර පවා මෙම මතවාද වැළඳ ගනු ලබන්නේ, ගෝලීයකරණය හමුවේ තමන්ගේ අනන්‍යතාවය අහිමි වේ යැයි පවතින බිය සහ “අප සුවිශේෂී ජාතියක්” යන හැඟීමෙන් ලබන තෘප්තිය නිසාය. සමාජයක් ආර්ථික වශයෙන් ඇද වැටෙන විට, මිනිසුන් තර්කනය අතහැර අද්භූත බලවේග මත විශ්වාසය තැබීමට පෙළඹේ. “අප සතු බලශක්තීන් නිසි ලෙස කළමනාකරණය කළහොත් ලොව දිනිය හැකිය” වැනි ප්‍රකාශයන් මඟින් සිදුවන්නේ පවත්නා ගැටලුවලට සැබෑ විසඳුම් සෙවීම වෙනුවට, මනෝලෝකයක අතරමං වීමයි. මෙය එක්තරා අතකින් සාමූහික මෝහයක් (Collective Delusion) ලෙස ද හැඳින්විය හැකිය.
වර්තමාන පාරිභෝගික සංස්කෘතිය තුළ මෙම අතීත කාමය (Nostalgia )වෙළඳාම් කෙරෙන අයුරු ද දැකගත හැකිය. පාරම්පරික දේ, හෙළ තාක්ෂණය හෝ සුවිශේෂී බල ශක්තීන් සහිත පළඳනා සහ උපකරණ ප්‍රවර්ධනය කිරීම හරහා සිදුවන්නේ ජනතාවගේ මානසික අසංතෘප්තතාව ලාභය පිණිස යොදා ගැනීමයි. ඓතිහාසික අතීත කාමය යනු හුදෙක් අතීතයට ආදරය කිරීමක් නොවේ; එය වර්තමානයේ අසාර්ථකත්වය වසා ගැනීමට භාවිත කරන “මනෝවිද්‍යාත්මක ආවරණයකි”. ශ්‍රී ලංකාව සතු සුවිශේෂී බලශක්තීන් පිළිබඳ විශ්වාසය, පීඩිත මනසට තාවකාලික සහනයක් ලබා දුන්නද, ඉන් මිදී තර්ක බුද්ධියෙන් වර්තමාන ගැටලුවලට මුහුණ දීම අත්‍යවශ්‍ය වේ. ජාතියක් ලෙස ඉදිරියට යා හැක්කේ අතීතයේ ශ්‍රී විභූතිය දෙස හැරී බැලීමෙන් පමණක් නොව, එයින් උකහා ගත් ශක්තිය වර්තමාන යථාර්ථයන් සමඟ බද්ධ කිරීමෙනි.
තිලක් සේනාසිංහ