පාසල් 100ක් වසා දැමීමට අවධානය

සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

සිසුන් දහයට අඩු පාසල් සංඛ්‍යාව මේ වනවිට පන්සියය ද ඉක්මවා තිබේ. ඒ අතරින් පාසල් විශාල ප්‍රමාණයක් සිසුන් දෙතුන්දෙනකුට සීමා වී ඇත. හුදකලා තත්ත්වයේ පවතින මෙම පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කාලීන පුවත්