විදුලි බල මණ්ඩල සභාපති ඉල්ලා අස් වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් මගින් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා දන්වා ඇත්තේ තමා කෙටි කාලසීමාවක් සඳහා තමන් මෙම තනතුරේ වැඩභාරගත් බවය.ඒ අනුව ඔහු සිය අස්වීමේ ලිපිය පසුගිය සිකුරාදා දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත වෙත භාර දී ඇතැයිද ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇතැයිද වාර්තා වේ.නමුත් ඒ සම්බන්ධයෙන් ලංකා වුදුලි බල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනුයේ සම්මත නියාමනයන් උල්ලංඝනය වන අන්දමට මේ වන විට වත්මන් දේශපාලන අධිකාරිය ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතු වලට මැදිහත් වීම මත මණ්ඩලය ඉදිරියේ දී පරිපාලනමය හා මුල්‍ය අර්බුදයකට පත් වීමේ අවදානමක් පවතින බවකි.

කාලීන පුවත්