විශේෂ රථවාහන සැලැස්මක්

අද(19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාරීමව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

සැමරුම් උත්සවය පැවැත්වෙන පස්වරු 4.00 සිට 6.00 දක්වා කාලසීමව තුළ මාර්ග වසා දැමීමක් සිදු නොකරන බවයි පොලිසිය දැනුම් දෙයි.

කෙසේ වෙතත් රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවක් සිදුවුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන් යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථ වාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුළුවීම සීමා කරන බවයි පොලිසියි නිවේදනය කරයි.

විකල්ප මාර්ග –

*කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන් යෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි.

* කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන් යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකියි.

කාලීන පුවත්