නල්ලූර් කෝවිල් සීමාවේ කෝපි හලකට විරෝධයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන නල්ලූර් කන්දස්වාමි කෝවිලේ උත්සව සීමාව තුළ පවත්වා ගෙන යන කෝපි හලකට එරෙහිව ඊයේ (20) හින්දු සංවිධාන කිහිපයක් විසින් කෝවිල් පරිශ්‍රය තුළ විරෝධතාවයක් පවත්වන ලදී.කෝවිල අවට පූජනීය ප්‍රදේශයේ නිර්මාංශ නොවන අවන්හල් පවත්වා ගෙන යන බවට විරෝධතා කරුවන් චෝදනා කර තිබේ.එමෙන්ම හින්දු බැතිමතුන් නොවන දේශීය සංචාරකයන් බහුල වීමත් සමඟ මෙම ව්‍යාපාරික ස්ථාන ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බව පැවසෙයි.

කාලීන පුවත්