ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන අතර සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතු බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පෙන්වා දෙයි. අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරන ජුලි කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ය.ඇය මේ බව සඳහන් කළේ සතිපතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ය.