දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක්

පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.තවද අඛණ්ඩව විදුලි බලය ලබා දීම සඳහා කණ්ඩායම් පැය 24 පුරා සේවයේ යෙදී සිටින බවත් එම මණ්ඩලය පවසයි.ඊයේ සවස් වනවිට ඉන් 31 % පමණ ප්‍රමාණයක් අවසන් කර තිබේ. පසුගිය පැය 36ක කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ පිළිසකර කිරීම් සතුටුදායක මට්ටමක ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසයි .

කාලීන පුවත්