වසර 8කට පසු ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එක්වූ නවතම ගුවන්යානය ඊයේ මෙරටට ළඟා විය. එයාර්බස් 330 – 200 මෙම ගුවන්යානය මෙරටට පැමිණියේ ප්‍රංශයේ පැරිස් නුවර සිට වන අතර ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන්යානා බලඇණිය 10 දක්වා ඉහළ යනු ලැබීය.
මෙම ගුවන්යානය ප්‍රංශයේ එයාර්බස් ගුවන්යානා නිෂ්පාදනය කරන ෂටරූ (Chateauroux) ගුවන්තොටුපොළේ සිට පැය 11ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් පදවාගෙන පැමිණි අතර ගුවන්යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනකු ද සහාය දක්වා තිබිණි.