පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (11) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදරිපත් කර ඇති සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය නිසි අධීක්ෂණයකට යටත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමපිළිබඳ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

කාලීන පුවත්