දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරන ලෙස ඉල්ලමින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කැබිනට් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.ඊට අදාළව කැබිනට් ලේකම් කාර්යාලය විසින් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති අතර නීතිපතිවරයා ද අදාළ ක්‍රියාමාර්ගය අනුමත කරමින් උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන දුර්වලතා සහ මෙහෙයුම් කටයුතුවලදී දිගින් දිගටම සිදුවන අකාර්යක්ෂමතා වලට දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා වග කිවයුතු යැයි හැඟෙන බැවින් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කර ඇති අතර එම තීරණයට දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් අප්‍රසාදයක් පළ වෙමින් ඇති බවට ද තොරතුරු වාර්තා වේ.