ලෝක අලි දිනය අදයි

ලොව පුරා අලි ඇතුන් මුහුණ දෙන තර්ජන පිළිබඳව ගෝලීය අවධානය යොමු කරමින්, සෑම වසරකම අගෝස්තු 12 වන දින( අද) ට ලෝක අලි දිනය යෙදී ඇත. 2012 වසරේදී මෙය ප්‍රථම වරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ආසියානු සහ අප්‍රිකානු අලින්ගේ පැවැත්ම තහවුරු කිරීමේ අරමුණෙනි. දළ දඩයම, වාසස්ථාන අහිමි වීම සහ මිනිස්-අලි ගැටුම හේතුවෙන් මෙම සත්ත්වයන්ගේ ගහනය සීඝ්‍රයෙන් පහත යමින් පවතින අතර, ඔවුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් සාධනීය ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අද දිනය අවධාරණය කරයි.

අප රටේ වන අලින්ට එරෙහිව සිදුවන අකටයුතු දිනෙන් දින ඉහළ යන අතර මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය ඔවුන් කෙරෙහි වඩ වඩාත් යොමු විය යුතු තත්ත්වයක තිබේ.

කාලීන පුවත්