මහින්දට නිල නිවස අහිමි කළොත් භික්ෂූන් ගෙන් නව නිවසක්

ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් නව පනතක් මගින් හිටපු ජනාධිපතිවරුන් ගේ නිල නිවාස සහ වරප්‍රසාද අහිමි කළහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නව නිවසක් ලබා දීමට රටේ ප්‍රධාන පෙළේ නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් සූදානම් බව වාර්තා වේ.මෙ භික්ෂූන් වහන්සේලා පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවී මේ බව දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එම නායක භික්ෂූන් වහන්සේලා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, වසර තිහක් පැවති ත්‍රස්තවාදය අවසන් කළ රාජ්‍ය නායකයාට කෘතගුණ සැලකීමක් ලෙස තමන් වහන්සේලා විසින් ඒ සඳහා භාරකාර අරමුදලක් ගොඩනඟන බවයි.

කාලීන පුවත්