සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් !

සිරගතවීම් යනු දේශපාලනයේ නිරත වීමේදී හිමි වන උරුමයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (23) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.නමුත් සුළු කාරණා මුල් කරගනිමින් දේශපාලන නායකයින් මෙලෙස සිරගත කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ මෙවැනි ක්‍රියා දේශපාලන පළිගැනීම් ලෙස හැර අන්‍ය ආකාරයකින් දැකිය නොහැකි බවකි.ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂිත වූ රෝගී තත්ත්වයක් නොමැති බවත්, පවතින සුපුරුදු අසනීප තත්ත්වයන් පමණක් පවතින බව තමන්ට නිරීක්ෂණය වූ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය. දේශපාලනයේ නිරත වන්නෙකුට මෙවැනි දේ උරුම බවත්, වික්‍රමසිංහ මහතා මේවාට ශක්තිමත්ව මුහුණ දෙනු ඇති බවත් හිටපු ජනපති වරයා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්