හැට වසරකට පසු පිටකොටුව බස් පොළ අලුත් වෙයි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වේ.එවකට පැවැති තත්වයන් යටතේ 1964 වසරේ නව තාලයට ඉදිකර තිබූ පිටකොටුව බස්නැවතුම්පොළ මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වනුයේ අවුරුදු 60කට පසුව ය.අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළ නව මඟී හා කාර්ය මණ්ඩල විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසකින් පොහොසත් වනු ඇත.

කාලීන පුවත්