රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ නිල කාලය අද ( 22)දිනයෙන් අවසන් වන බැවින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් .වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස දෙවිනුවර උත්පලවර්ණ ශ්රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ආරච්චිගේ තිළිණ මධුශංක මහතා හෙට (23) සිට පත් කර තිබේ.බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා පවසනුයේ ඉදිරි මාස 3 ඇතුළත පනතේ විධි විධාන ප්රකාරව බස්නායක නිලමේ වරයෙකු පත් කිරීම සඳහා කටයුතු කරන බවයි. වැඩ බලන බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ සමීපතමයෙක් ද වේ.