සුන්දර නිහතමානී ද මෙල්ගේ ‘මානිගේ තීරුව NOT OUT 36’ හෙට

ප්‍රවීණ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මෙල් විසින් රචිත ‘මානිගේ තීරුව NOT OUT 36′ ග්‍රන්ථය හෙට ( 29) වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කිරීමට නියමිතයි.

​මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙල එදින සවස 3.30 සිට 4.30 දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය දේශන පැවැත්වීමට නියමිතයි.

​උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසිනි.

​’මානිගේ තීරුව NOT OUT 36’ යනු ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියැවී ඇති සිංහල පුවත්පත් තීරුව වන සුන්දර නිහතමානී ද මෙල් විසින් රචිත ‘මානිගේ තීරුව’ දිගුවකි.

​වසර 2018 සිට 2025 දක්වා කාලය තුළ ලියැවුණු ‘මානිගේ තීරුව’ ලිපි අසුවක් (80) මෙහි අන්තර්ගත කර ඇති අතර, මෙය සරසවි ප්‍රකාශනයකි.

කාලීන පුවත්