සංචාරකයන් විශාල ප්‍රමාණයක් සැප්තැම්බරයේ දිවයිනට

මෙම මාසයේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයන් 126,379දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

ඒ අනුව ඉන්දියාවෙන් 37,179දෙනෙක් පැමිණ තිබේ.මීට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවලින් ද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වෙයි.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,692,902ක් බවයි.

කාලීන පුවත්