ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් සඳ වටා චාරිකාවක

මිනිස් ඉතිහාසයේ කිසිදු දිනෙක කාන්තාවක් සඳ මත ගොඩ බැස හෝ සඳ වටා ගමන් කර හෝ නැත. නමුත් තව මාස කිහිපයකින් ඇමරිකානු ජාතික අජටාකාශගාමිනියක මෙම වාර්තාවට හිමිකම් කීමට සැරසෙයි.

මෙයට වසර පනහකට හැටකට පෙර ඇමරිකාවේ නාසා ආයතනය සඳ වෙත අජටාකාශගාමීන් යැවීමේ වැඩසටහනක් දියත් කළේය. එම වැඩසටහන හැඳින්වුණේ ඇපලෝ වැඩසටහන නමිනි. මෙම වැඩසටහන යටතේ අභ්‍යවකාශ යානා කිහිපයක්ම සඳ වෙත ගියේය. එම යානාවල ගමන් කළ සියලූම අජටාකාශගාමීහු පිරිමින් වූහ.

නාසා ආයතනය සඳ වෙත මිනිසුන් යැවීමේ මෙම ඇපලෝ වැඩසටහන් 1972 වසරේ නතර කළේය. එයින් පසු කිසිදු අජටාකාශගාමියෙකු සඳ වෙත ගියේ නැත. කෙසේ නමුත් දැන් නාසා ආයතනය නැවතත් සඳ වෙත අජටාකාශගාමීන් යැවීමට සූදානම් වෙයි. ඒ, ඇපලෝ වැඩසටහන අවසන්ව වසර 53 කට පසුව ය. මෙවර මෙම අලූත් වැඩසටහන ඔවුන් නම් කර ඇත්තේ ආටෙමිස් (Artemis) යන නමිනි.

මේ ඇතැම්හු සඳ වටා ගමන් කර නැවත පෘථිවිය වෙත පැමිණියහ. සමහරුන්ට සඳ මත ගොඩ බැසීමට ද අවස්ථාව හිමි විය. සඳ මත ගොඩබට පළමු මිනිසුන් දෙදෙනා ලෙස ඉතිහාසගත වූයේ නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් (Buzz) ඕල්ඩි‍්‍රන් ය. ඇපලෝ 11 මෙහෙයුම යටතේ සඳ වෙත ගිය ඔවුන් සඳ මත පා තැබුවේ 1969 ජුලි 20 වැනි දින යි.

නාසා ආයතනය සඳ වෙත මිනිසුන් යැවීමේ මෙම ඇපලෝ වැඩසටහන් 1972 වසරේ නතර කළේය. එයින් පසු කිසිදු අජටාකාශගාමියෙකු සඳ වෙත ගියේ නැත. කෙසේ නමුත් දැන් නාසා ආයතනය නැවතත් සඳ වෙත අජටාකාශගාමීන් යැවීමට සූදානම් වෙයි. ඒ, ඇපලෝ වැඩසටහන අවසන්ව වසර 53 කට පසුව ය. මෙවර මෙම අලූත් වැඩසටහන ඔවුන් නම් කර ඇත්තේ ආටෙමිස් (Artemis) යන නමිනි.

ආටෙමිස් වැඩසටහන යටතේ මුලින්ම අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින්නට නියමිතව ඇත්තේ 2027 වසරේ යි. ඒ, ආටෙමිස් 3 යනුවෙන් නම් කර ඇති සඳ චාරිකාව තුළිනි. කෙසේ නමුත් මෙම දිනය කල් යාමට ඉඩ ඇති බවට ද අදහස් පළ වේ.

කෙසේ හෝ වේවා, ආටෙමිස් 3 මෙහෙයුමට කලින් ආටෙමිස් 2 නමින් අත්හදා බැලීමේ මෙහෙයුමක් ද දියත් කිරීමට නියමිතව තිබේ. එය සඳ මත ගොඩ බැසීමේ චාරිකාවක් නොව සඳ වටා ගමන් කිරීමේ චාරිකාවකි. සඳ මත ගොඩ බැසීමට පෙර යම් යම් කාරණා අත්හදා බැලීම ආටෙමිස් 2 චාරිකාවේ අරමුණ යි. මෙය දින 10 ක චාරිකාවක් වනු ඇති බව ද නාසා ආයතනය සඳහන් කර ඇත.

මෙය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. මන්ද යත් මිනිසුන් සහිත යානයක් සඳ වටා ගමන් කිරීමට යන්නේ දශක පහකට පසු පළමු වතාවට වන බැවිනි. මෙයට අදාළ විශේෂ පුවතක් පසුගිය සතියේ නාසා ආයතනය නිවේදනය කළේය. එනම් ඉහත කී ආටෙමිස් 2 චාරිකාව තව මාස පහක් වැනි කෙටි කලක් තුළ, එනම් ලබන පෙබරවාරි මාසයේ දියත් කෙරෙනු ඇති බව යි. පෙබරවාරි මාසයේ මුල් සතියේ මෙම චාරිකාව දියත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙම සුවිශේෂී සඳ ගමනට සහභාගි වන අජටාකාශගාමීන් පිලිබඳව ද මේ වනවිට නිවේදනය කර තිබේ. අජටාකාශගාමීන් සිව් දෙනෙකු මෙම ගමනට සහභාගි වනු ඇත. ඒ අතරින් එක් අයෙකු කාන්තා අජටාකාශගාමිනියකි. මෙය ඉතා විශේෂ කාරණයකි. මන්ද යත්, කලින් ද සඳහන් කළ පරිදි අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ මෙතෙක් කාලයකට කාන්තාවක් සඳ මත පා තබා හෝ එය වටා ගමන් කර හෝ නැති බැවිනි.

ආටෙමිස් 2 චාරිකාව සඳහා තෝරාගෙන සිටින අජටාකාශගාමිනිය ගේ නම කි‍්‍රස්ටිනා කොක් ය. මේ වනවිට 46 වැනි වියෙහි පසුවන ඇය මෙයට පෙර ද බොහෝ අභ්‍යවකාශ ගමන්වල නිරත ව ඇති පළපුරුදු අජටාකාශගාමිනියකි. 2020 වසරේ ජාත්‍යන්තර ටයිම් සඟරාව තේරූ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාට ක්‍රිස්ටිනා ද අතුළත් වූවාය.

ලබන වසරේ දියත් කෙරෙන ආටෙමිස් 2 චාරිකාවත් සමග ඇය සඳ වටා ගමන් කළ පළමු කාන්තා අජටාකාශගාමිනිය ලෙස ද ඉතිහාසයට එක් වනු ඇත.

ඇය සමග මෙම ගමනට තෝරාගෙන සිටින සෙසු අජටාකාශගාමීන් තිදෙනා වනුයේ වික්ටර් ග්ලෝවර්, රීඩ් වයිස්මාන්, ජෙරමි හැන්සන් යන අය යි. ක්‍රිස්ටිනා, වික්ටර් සහ රීඩ් නාසා ආයතනයට සම්බන්ධ අජටාකාශගාමීන් වන අතර ජෙරමි කැනඩා අභ්‍යවකාශ ඒජන්සියට සම්බන්ධ අජටාකාශගාමියෙකි. රීඩ් වයිස්මාන් ආටෙමිස් 2 මෙහෙයුමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන අතර යානයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර් ය.

මෙම සඳ ගමන් සඳහා යොදා ගන්නා යානාවල සහ ඒවායේ පද්ධතිවල නිසි කි‍්‍රයාකාරිත්වය, අජටාකාශගාමීන් ගේ ආරක්‍ෂාව වැනි කාරණා ගැන ආටෙමිස් 2 චාරිකාවේ දී තහවුරු කර ගැනෙනු ඇති බව සඳහන් වේ.

සඳට යන කණ්ඩායමට ද කාන්තාවක ඇතුළත් වනු ඇති බව මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඇය මිනිස් ඉතිහාසය තුළ සඳ මත පා තබන පළමු කාන්තාව බවට පත් වනු ඇත. කෙසේ නමුත් ආටෙමිස් 3 කණ්ඩායමට අයත් වන අයගේ නම් නාසා ආයතනය තවමත් ප‍්‍රකාශයට පත් කර නැත.

මෙම අත්හදා බැලීමේ මෙහෙයුම සාර්ථක වුවහොත් ආටෙමිස් 3 මෙහෙයුම 2027 වසරේ දියත් කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙයි. වසර 53 කට පසු පළමු වතාවට මිනිසුන් සඳ මත ගොඩ බසින අභ්‍යවකාශ මෙහෙයුම එය වනු ඇත.

එම මෙහෙයුමේ දී සඳට යන කණ්ඩායමට ද කාන්තාවක ඇතුළත් වනු ඇති බව මේ වනවිට ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඇය මිනිස් ඉතිහාසය තුළ සඳ මත පා තබන පළමු කාන්තාව බවට පත් වනු ඇත. කෙසේ නමුත් ආටෙමිස් 3 කණ්ඩායමට අයත් වන අයගේ නම් නාසා ආයතනය තවමත් ප‍්‍රකාශයට පත් කර නැත.

සඳ වෙත මිනිසුන් යැවීම සඳහා මේ වනවිට රටවල් කිහිපයක් අතර ලොකු තරගයක් තිබේ. ඇමරිකාව, චීනය සහ ඉන්දියාව ඒ අතරින් ඉදිරියෙන්ම සිටියි. 2030 ට කලින් අජටාකාශගාමීන් සඳ වෙත යවන බව චීනය ද පවසා තිබේ. ඉන්දියාව 2040 ට කලින් අජටාකාශගාමීන් සඳ වෙත යැවීමට බලාපොරොත්තු වෙයි.

ඉදිරියේ දී සඳ මත ස්ථාවර විද්‍යාගාර ආදිය පිහිටුවීම ද මෙම රටවල අපේක්‍ෂාවකි. සඳ පිලිබඳව මෙන්ම අභ්‍යවකාශ ගවේෂණයට අදාල තවත් බොහෝ කාරණා සම්බන්ධයෙන් ද පුලූල් වශයෙන් පර්යේෂණයන්, අධ්‍යයනයන් කිරීමට ඒ හරහා අවස්ථාව උදාවනු ඇත. සඳ මත ඇති විවිධ සම්පත් පිලිබඳව ද මෙම රටවල් උනන්දුව දක්වන බව රහසක් නොවේ.

නිහාල් පීරිස්

නිතර නොඇසෙන කතා