මෙවර ඔක්තෝම්බර් 01 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජරයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ලෝක වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින්.
අපේ රටේ එන්න එන්නම වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් පවතින බව පෙනීයන බව පැවසූ අමාත්‍යවරයා එමනිසා රජයක් හැටියටත්, සංවිධාන සහ ආයතන හැටියටද වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අවධාරණය කරනලදි.
ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩ පිළිවෙල තුළ මෙරට වැඩිහිටි ජනගහනයට ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට වැඩසටහන් ගණනාවක් සැලසුම් කර ඇතැයිද සඳහන් කරයි.
අප රටේ තවමත් වැඩිහිටියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ 2000 වර්ෂයේදී සම්මත කළ පනතක් බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිහිටියන් සම්බන්ධව අවශ්‍ය නීති රීති සකස් කිරීමට රජය මැදිහත් වී ඇතැයිද ඒ අනූව මේ වන විට වැඩිහිටියන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් තහවුරු කිරීම සඳහා නව පනතක් සකස් කරමින් යන බවද පවසනලදි.
පසුගිය මාස කිහිපයේදී රජය විසින් වැඩිහිටියන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ බවද එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතැයිද, ඔක්තෝබර් පළවෙනිදා එනම් ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී මෙම ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනලදි.