22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ මතයක් දැරුවද, තමන් එම පක්ෂයෙන් ඉවත් නොවන බවත්, පක්ෂයද තමන් ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.
තමන්ගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව පවසන විජේනායක මහතා, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගන්නා ක්‍රියාමාර්ගවලට ඉදිරියටත් සහාය දක්වන බවද සඳහන් කර තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ද අයිලන්ඩ් පුවත්පතට ඔහු පවසා ඇත්තේ, සංශෝධනය පිළිබඳ පක්ෂයේ මතය සහ තමන්ගේ මතය අතර පරස්පරතාවක් ඇති වූ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බවයි. එම සාකච්ඡාවේදී සිදුවූ කරුණු හෙළි කළ නොහැකි බවද ඔහු සඳහන් කර ඇත.