ආර්ථික වශයෙන් එතරම් සමෘද්ධිමත් නැතත් සොබා දහමේ දායාද වලින් සපිරි නේපාලය ලෝකයේ විචිත්‍රවත් බහුවිධ සංස්කෘතික උරුමයන් ගෙන් යුතු රටකි. ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ තේරීම ඒ අතුරින් එකකි.පසුගිය සැප්තැම්බර් 30 වන අඟහරුවාදා කත්මණ්ඩු අගනුවරදී කුඩා ආර්යතාරා ශාක්‍යා නව කුමාරි නොහොත් “කන්‍යා දේවතාවිය” ලෙස නම් කරන ලදී. ඒ අනුව අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍යා නම් දැරිය එරට නව ජීවමාන දේවතාවිය ලෙස තෝරාගෙන තිබේ.මෙය ලොව අන් කිසිදු රටක නොමැති අපූරු සංස්කෘතිකාංගයකි.එම අභිෂේකයත් සමඟ ඇගේ පියා සහ පවුලේ සාමාජිකයන් විසින් ඇයව ඔවුන්ගේ නිවසේ සිට කාත්මන්ඩු ඩර්බාර් චතුරශ්‍රයේ පිහිටි කුමාරි ඝාර් ( කුමාරි මැඳුර ) නම් දේවාල මාලිගාවට පෙරහැරකින් රැගෙන යන ලද අතර, මෙතැන් සිට වසර ගණනාවක් එය ඇගේ නිවහන වනු ඇත.එම දේව පෙරහැර වීදි ඔස්සේ යන විට දස දහස් ගණන් බැතිමත්හු ආර්යතාරා ගේ සිඟිති පාදවලට තම නළල ස්පර්ශ කිරීමට පොදි කෑ අතරතවත් විශාල පිරිසක් මල් සහ මුදල් පූජා කළහ.
මෙලෙස නව කුමාරියක් පත්කිරීමට සිදුව තිබෙන්නේ මීට පෙර කුමාරිය ලෙස නම් කර සිටි කුමාරි ත්‍රිෂ්ණා ශාක්‍යා වැඩි වියට පත් වීමත් සමඟ ය.මේ වන විට කත්මණ්ඩු අගනුවර ආසන්නයේ පිහිටි ඉටුම්බහල්හි ආර්යතාරා ශාක්‍යා,ඩර්බාර් චතුරශ්‍රයේ පිහිටි බසන්තාපූර්හි ( වසන්තපුර )කුමාරිඝර් හි නව කුමාරි ලෙස සිංහාසනාරූඪ වී ඇති අතර ඇය ද වැඩි වියට පත් වන තෙක්ම ජීවමාන දේවතාවිය ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මෙලෙස නව කුමාරියක් පත්කිරීමට සිදුව තිබෙන්නේ මීට පෙර කුමාරිය ලෙස නම් කර සිටි කුමාරි ත්‍රිෂ්ණා ශාක්‍යා වැඩි වියට පත් වීමත් සමඟ ය.මේ වන විට කත්මණ්ඩු අගනුවර ආසන්නයේ පිහිටි ඉටුම්බහල්හි ආර්යතාරා ශාක්‍යා,ඩර්බාර් චතුරශ්‍රයේ පිහිටි බසන්තාපූර්හි ( වසන්තපුර )කුමාරිඝර් හි නව කුමාරි ලෙස සිංහාසනාරූඪ වී ඇති අතර ඇය ද වැඩි වියට පත් වන තෙක්ම ජීවමාන දේවතාවිය ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත. මෙම ජීවමාන කුමාරි දෙවඟන හින්දු සහ බෞද්ධ යන දෙඅංශයෙන්ම වන්දනාමාන වලට ලක් වන අතර ඇය ඉන්ද්‍ර ජත්‍ර සහ නව රාත්‍රි ඇතුළු සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී කර ගැනෙයි. ඇය නේපාලයේ අදහනු ලබන තලේජු භවානි දේවතාවියගේ ජීවමාන ප්‍රතිමූර්තිය බවට පත් කෙරෙන මෙම සිංහාසනාරූඪ උත්සවය හුදු ග්‍රාමීය ජන සංස්කෘතික උළෙලක් පමණක් නොවේ.පවත්නා සම්ප්‍රදායට අනුව, රාජ්‍ය නායකයා කොජග්‍රත් පූර්ණිමා සමයේදී ඇයට උපහාර දක්වනු ඇත.කුමාරි, කුමාරි දේවි නොහොත් ජීවමාන දේවතාවිය යනු නේපාලයේ සේම ඉන්දියාවේ ද සමහර ප්‍රදේශවල ආගමික සම්ප්‍රදායන්හි දිව්‍යමය කාන්තා ශක්තියේ හෝ ශක්ති ප්‍රකාශනයක් බව පැවසෙයි.කුමාරි යනු නේපාලයේ ශාක්‍ය වංශයෙන් තෝරාගත් දැරියක වන අතර ඇයට තලේජු භවානි හෝ දුර්ගා දේවතාවියගේ බලශක්තිය ආරෝපණය වී ඇති බව විශ්වාස කෙරේ.නමුත් ඇය වැඩි වියට පත් වීම හෙවත් පළමු ඔසප් වීම ආරම්භ වන විට මෙන්ම බරපතල රෝගාබාධ හෝ තුවාලයකින් විශාල රුධිර වහනයක් ද දේවත්වය අහිමි වීමට හේතු වේ.
මෙම සංස්කෘතිකාංගය පැරණි ඉන්දීය සම්භවයකින් යුතු එකක් සේ ද සමහරෙක් විස්තර කරති.කුමාරි යන වචනය සංස්කෘත භාෂාවෙන් උපුටා ගන්නා ලද අතර නේපාලය පුරා කුමාරි සැමරුම් කිහිපයක් ඇතත්, වඩාත් ප්‍රසිද්ධ වන්නේ කත්මණ්ඩුවේ රාජකීය කුමාරි උත්සවය හා පදවියයි. ය. ඇය ජීවත් වන කාත්මණ්ඩු නගර මධ්‍යයේ ඩර්බාර් චතුරශ්‍රය තුළ පිහිටි මාලිගාව වන කුමාරි ඝාර් ද ක්‍රි.ව 1757 ජය ප්‍රකාශ් මල්ල රජු විසින් ඉදිකරනන ලද විශේෂ පුද බිමකි. .
නේපාල සංස්කෘතියේ ජීවමාන ආත්මය කන්‍යා දෙව්දුව හෙවත් කුමාරි සංකල්පය 17 වන සියවසේ දී විධිමත් ව ආරම්භ වී ඇති අතර මෙම චාරිත්‍රය නේපාල ජාතිකයන්ගේ නෙවාරී සංස්කෘතියේ ආධ්‍යාත්මය පිළිබිඹු කරයි.නෙවාර් වරුන් යනු නේපාල සංස්කෘතියේ සමාරම්භකයන් වන අතර ඔවුන් බුදුන් වහන්සේ ගේ ඥාතීන් බවට ද මත පළ වී තිබේ.
මෙලෙස නව කුමාරියක් තෝරා ගැනීම ද ඉතා බැරෑරුම් කාරියකි. ජ්‍යෙෂ්ඨ බෞද්ධ පූජක මණ්ඩලයක් අධීක්ෂණය කරන ඉතා සූක්ෂම නිර්ණායක වන දෙතිස් පරිපූර්ණත්වයන් ද වැදගත් ය. නොකැළැල් සමක් සහ නිශ්චිත ශරීර හැඩයක් වැනි භෞතික ගුණාංග ඉන් මූලික වෙයි.එමෙන්ම දශේන් හි සුබ කල්රාත්‍රි සමයේ දී පවත්වනු ලබන අවසාන වශයෙන් කුමරිය ලෙස තේරීමට යෝජිත දැරිය ගේ පාරිශුද්ධ භාවය සහ අධ්‍යාත්මික ශක්තිය සහතික කිරීම පිළිබඳ දැඩි චාරිත්‍ර වාරිත්‍ර සහ පරීක්ෂණ ඇතුළත් වෙයි.මෙලෙස තෝරාගැනීමෙන් පසුව, කුමාරි ඝාර් හි වාසය කරන අතර එහි දී ඇය දැඩි චාරිත්‍ර වාරිත්‍ර සහ තහංචි වලට යටත් වෙයි.
එමෙන්ම මෙම කුමාරිගේ භූමිකාව දශේන් සහ ඉන්ද්‍ර ජත්‍ර වැනි උත්සව වලදී මැනැවින් නිරූපනය වෙයි. වෙයි. එහිදී ඇය කත්මණ්ඩු හරහා රන් දෝලාවකින් පෙරහැරේ ගෙන යාම අතිශය ජනකාන්ත අංගයකි.මෙම අවස්ථාව නේපාලයේ සංස්කෘතික විචිත්‍රවය මැනැවින් හුවා දැක්වෙන අතර මෙම ජීවමාන දෙවඟන සියසින් දැක බලා ගැනීමට බැතිමතුන් සහ සංචාරකයෝ විශාල පිරිසක් එක් වෙති.
සාමාන්‍ය දැරියක ගේ ජීවිතයට වඩා ඉඳුරාම වෙනස් දිවියක් ගත කරන කුමරිය පාසල් ජීවිතයකට ද ද හිමිකම් නොකියන අතර ඇය තම දිව්‍යමය භූමිකාව ඉටු කරන අතරතුර, උපදේශකයෝ ඇය සිටින කුමාරි ඝාර් මැදුරට පැමිණ පෞද්ගලිකව අධ්‍යාපනය ලබා දෙති.ඒ අතර තුර කුමාරියට ඇගේ පවුලේ හමුවිය හැකිමුත් ඇගේ ජීවිතය හුදකලා වන තරමට එහි අගය වැඩි වන අතර ඇය වැඩි කාලයක් ඝාර් හි භාරකරුවන් සමඟ ගත කළ යුතු වේ.
අතීත සම්ප්‍රදාය හා හින්දු විශ්වාසයන් මත පදනම් වුවද, කුමාරිය තෝරා ගැනීමේ ක්‍රියාවලියට බෞද්ධ පූජකවරුන් සම්බන්ධ වීම ද විශේෂත්වයකි.කුමාරි සම්ප්‍රදාය හින්දු ආගමේ සහ බුද්ධාගමේ මිශ්‍රණයක් වන්නේ කුමාරි තලේජු භවානි දේවතාවියක නියෝජනය කළ ද, තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ චාරිත්‍ර වාරිත්‍ර බෞද්ධ පිළිවෙත් සහ බෞද්ධ පූජකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු වන නිසා ය. එසේ වනුයේ ඇය බුදුන් වහන්සේ නියෝජනය කෙරෙන ශාක්‍ය වංශය නියෝජනිය කෙරෙන නිසා බව ද කියනු ලැබේ.ඒ හැරුණු කොට මෙය කිසිදු බෞද්ධ ශාසනික සම්ප්‍රදායකට සම්බන්ධ නැත.
නමුත් කන්‍යා දේවතාවිය යන නම් ලබන කුමාරියගේ ළමා කාලය කිසිසේත් පරිපූර්ණ නොවන අතර ඇය දැඩි නීති රීති අනුගමනය කළ යුතු අතර සෙසු දරුවන් ඇසුරු කිරීම ක්‍රීඩා කිරීම කිරීම වැනි බොහෝ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් ඇය ඈත් කොට තිබේ.
කුමාරිය ඇගේ පවුලේ සාමාජිකයන් ගේ අවධානය යටතේ කුමාරි ඝාර් හි භාරකරුවන් කණ්ඩායමක් කුමාරිය රැකබලා ගන්නා නිසා ඇය අසරණ නොවන බවටත් සිය දිව්‍ය භූමිකාව වටා ඇති චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින ඇයට නිසි පෝෂණය, වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන බවට කුමාරි ඝාර් කාර්ය මණ්ඩලය සහතික වෙති.

නේපාල ජනතාවගෙන් වැඩි පිරිසක්, විශේෂයෙන් ම නෙවාරී සංස්කෘතික ප්‍රජාව තමන්ට ආශීර්වාද කිරීමටත් තමන් ආරක්ෂා කිරීමටත් කුමරියට ඇති බලය තදින් ම විශ්වාස කරති.. විශේෂ උත්සව අවස්ථාවන්වලදී ඇය දෙස බැලීමෙන් හෝ ඇගේ පාද ස්පර්ශ කිරීමට ඉඩ දීමෙන් ඇගේ ආශී ර්වාදය වාසනාව සහ ආරක්ෂාව ගෙන දෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.
ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ හෙවත් ‘කුමාරිය මුල් කොට ගත් නේපාලය විචිත්‍රවත් සංස්කෘතික උරුමය පසෙක තිබිය දී අධ්‍යාපනඥයන් හා ළමා මනෝවිද්‍යාඥයන් අවධාරණය කරන්නේ කවර හේතුවක් මත හෝ කුඩා දරුවන් හුදකලා කිරීම සහ ඔවුන්ගේ ජීවිතවලට පනවන සීමා සහ තහංචි හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලික නිදහසට සහ ළමා වියේ මානසික සංවර්ධනයට බරපතල අහිතකර බලපෑමක් වන බවයි.
නමුත් කුමාරිය වැඩිවියට පැමිණ ඔසප් වීම සිදුවන විට දේවතාවිය කුමාරිය හැර යන බැවින් ඇය වහාම සාමාන්‍ය දරුවෙකු ලෙස සලකමින් ඇයගේ දෙමාපියන්ට ආපසු භාර දෙනු ලැබේ.ඉන් පසුව ඇයට සංකේතාත්මක පාරිතෝෂිකයන් ද ප්‍රදානය කෙරේ. පදවියෙන් ඉවත් වීමෙන් පසුව, හිටපු කුමාරිය සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණෙන අතර නව ජීවන රටාවකට හැඩගැසීමට ඇයට සිදු වෙයි. දේවතාවිය ලෙස සිටි කාලය ඉතා චාරිත්‍රානුකූලව ගත වූ බැවින් සාමාන්‍ය ජීවිතයකට හැඩගැසීම හිටපු කුමාරිවරුන්ට අභියෝගාත්මක විය හැකිය. නමුත් ඔවුන් බොහෝ දෙනෙකු පසුව අතීතයෙන් මිදී තෘප්තිමත් ජීවිත ගත කරන බවට දා වාර්තා තිබේ.ඉන් පසුව ඇය සාමාන්‍ය කාන්තාවක පමණි.
නමුත් ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ හෙවත් ‘කුමාරිය මුල් කොට ගත් නේපාලය විචිත්‍රවත් සංස්කෘතික උරුමය පසෙක තිබිය දී අධ්‍යාපනඥයන් හා ළමා මනෝවිද්‍යාඥයන් අවධාරණය කරන්නේ කවර හේතුවක් මත හෝ කුඩා දරුවන් හුදකලා කිරීම සහ ඔවුන්ගේ ජීවිතවලට පනවන සීමා සහ තහංචි හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලික නිදහසට සහ ළමා වියේ මානසික සංවර්ධනයට බරපතල අහිතකර බලපෑමක් වන බවයි.
ඒ.ජී රේණුකා දමයන්ති