කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක ඩෙංගු අවදානම ඉහළට

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා වී ඇති බවයි.

ඒ හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්