ඊයේ ( 02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ලංකා සුදු ඩීසල් රුපියල් 392ක්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 රුපියල් 458ක්, ලංකා භූමිතෙල් රුපියල් 265ක්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 රුපියල් 470ක් සහ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 410ක් ලෙස නව මිල ගණන් සංශෝධනය වී තිබේ.මෙම මිල සංශෝධනය මගින් පාරිභෝගික ජනතාවට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇති විය හැකි අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්වයන් වෙතින් විවිධ නත පළ වෙමින් තිබේ.