වෙළඳසැල් 135කට වැඩ වරදියි

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු කළ බවයි.

සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබාගෙන සිටින වෙළෙදුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

කාලීන පුවත්