මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ වන මනෝජා මධුවන්ති මහත්මිය ඊයේ(11) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ දෙදරු මවක වූ ඇය කලක් රෝගාතුරව සිටි අතර මියයන විට 42 වියෙහි පසු වූවා ය.දේහය අවසන් ගෞරව සඳහා අද උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත ය.දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (හෙට ) සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දි සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

කාලීන පුවත්