ගල්කිස්ස උසාවි සිද්ධියේ ජ්‍යෙෂ්ඨ නීතීඥයා ගැන වෙනම විර්මශනයක්

පසුගිය 10 වෙනිදා ගල්කිස්ස අධිකරණ භූමියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර තිබේ. නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් අධිකරණ භූමියෙන් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.ඒ අතර පහර කෑමට ලක්වූ බව පැවසෙන එම නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් වෙනම විර්මශනයක් ආරම්භ කර ඇත.ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

කාලීන පුවත්