පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා තමන්ට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට පොලිස්පති වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියත් ඔහුට කිසිදු අවශ්‍ය ආරක්ෂාවක් ලබා නොදුන් බවත් දැන්වත් ආණ්ඩුව මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීත ක්‍රියාවන් ගැන පවසා එම ඝාතනයේ බරපතල කම වසා ගැනීමට මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වන බව පවසන නාමල් රාජපක්ෂ මහතා එදා වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා තමන්ට ආරක්ෂාව ලබාදෙන මෙන් කළ ඉල්ලීම ඉටු කළා නම් නම් මේ වන විඅටත් ඔහු ජීවතුන් අතර බව ද පවසයි.