ලසන්ත ඝාතන සැක කරුවෝ තිදෙනෙක් කැකිරාවේ දී කොටු වෙති

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අලුයම කැකිරාව නිවාස පනහ ප්‍රදේශයේ පාළු නිවසක දී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.එහි දී පොලීසිය සමඟ පොර බැදු තවත්සැ කකරුවකු පලා ගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීම පිණිස මේ වන විට පුළුල් විමර්ශන අරඹා තිබේ.
අත් අඩංගුවට පත් .සැකකරුවන් තිදෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එන බව ද පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.මේ අතර මිය ගිය ලසන්ත වික්‍රමසේකර මහතා ගේ දේහයට අද දහවල් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අවසන් ගෞරව දක්වා ඇති අතර ලසන්ත වික්‍රමසේකර මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ වැලිගම පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්