සුනාමි පෙරහුරු අභ්‍යාසය හෙට;බය වෙන්න එපා!

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිත අතර එය යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන විශේෂ පෙරහුරු අභ්‍යාසයක් මිස සුනාමි ආපදා තත්වයක් පදනම් නොවන්නක් නිසා මෙම වැඩසටහන පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා මෙය කලාපීය අභ්‍යාසයක් ලෙස සංවිධානය කර ඇත.ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාසය අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මඟින් ජනිත වන සුනාමි තත්ත්වයකදී එක් එක් ආයතන තම ආයතනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ මේ තුළින් රාජ්‍ය නිලධාරීන්ට පුහුණුවක් ලබාදීමට නියමිත ය.ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ඇතුළත් වේ.ප්‍රධාන පෙරහුරුව කළුතර දිස්ත්‍රික්කයේ හෙට( 5 ) උදෑසන 8.30ට ආරම්භ වේ.

කාලීන පුවත්