වනජීවි නිලධාරීන්ගෙන් ඉල්ලීමක්

වනෝද්‍යාන ආශ්‍රිතව මෙන්ම මාර්ග අසලට පැමි‍ණෙන වන අලීන්ට ආහාර ලබානොදෙන ලෙස වනජිවි නිලධාරින් නිරන්තරයෙන් දැනුවත් කිරිම් සිදු කරයි.

මින්නේරිය ජාතික වනෝද්‍යානය මැදින් පිහිටා ඇති කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය ආසන්නයට පැමිණෙන වන අලීන්ට අනාරක්ෂිත අයුරින් විදේශිය සංචාරක යුවලක් ආහාර ලබාදෙන ආකාරය මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ජංගම දුරකතනයකින් පටිගත කර තිබේ.

මෙම යුවල වන අලියා ආසන්නයටම ගොස් පලතුරු ආහාරයට ලබාදි ඡායාරූපයක් ලබා ගැනිමටද කටයුතු කරයි. විදෙස් මෙන්ම දේශිය සංචාරකයින්ද බොහෝ ස්ථානවලදී මෙලෙස වන අලීන්ට ආහාර ලබාදීමට පෙළඹෙන ආකාරය දැකගත හැකි අතර එවැනි ක්‍රියාවලට යොමු නොවන ලෙසයි වනජිවි නිලධාරින් ඉල්ලා සිටියි.

 

කාලීන පුවත්