බැංකු කාඩ් වලින් බස් ටිකට් ගැනීමේ අවස්ථාව අද සිට

බැංකු කාඩ්පත් වලින් බස් රථ වල ටිකට් මිලදී ගැනීමේ අවස්ථාව අද( 24) සිට ක්‍රියාත්මක වනු ඇත.ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බව ය.එමෙන්ම බස් රථයේ මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත් මේ හේතුව මත බස් බස් ටිකට් පත් බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස විශාල ඉල්ලීමක් ද ලැබුණු බවත් අමාත්‍යවරයා එහි දී පැවසීය.

කාලීන පුවත්