බොලි­වුඩ් සින­මාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍ර සමු ගනියි

දශක ගණ­නා­වක් පුරා බොලි­වුඩ් සින­මාවේ සුවිශේෂ පෞරුෂයකින් යුත් මුල් පෙළේ කඩ­ව­සම් නළුවකු ලෙසත්, ජන­ප්‍රි­ය­තම නළුවකු ලෙසත් අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­ය­කට හිමි­කම් කී ධර්මේන්ද්‍ර ඊයේ(24) සිය දිවි ගමන නිමා කොට තිබේ. හැටේ දශ­කයේ මුල් භාග­යේදී සින­මා­වට පිවිසි ධර්මේන්ද්‍ර දශක 6ක් පුරා සින­මාවේ රැඳී සිටි අතර, කාල­යක සිට පීඩා විඳි­මින් සිටි ශ්වසන රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මුම්බායි නුවර පිහිටි ඔහුගේ මන්දි­ර­යේදී මෙලොව හැර යන විට 89 හැවි­රිදි වියෙහි පසුවූ බව ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. 300කට අධික චිත්‍ර­පට සංඛ්‍යා­ව­කට රංගන දාය­ක­ත්වය දුන් ධර්මේන්ද්‍ර බොලි­වුඩ් සින­මාවේ වය­ස්ග­තම නළුවා ද වන අතර, ඔහු අව­සන් වරට රඟ පෑ ඓක්කිස් චිත්‍ර­ප­ටය ලබන දෙසැ­ම්බ­රයේ නත්තල් දින­යේදී තිර­ගත වීමට නිය­මිත ය.පසු­කා­ලී­නව භාර­තීය ජනතා පක්ෂය නියෝ­ජ­නය කර­මින් දේශ­පා­ල­න­යට ද පිවිසි මේ සුපිරි නළුවා 2004 සිට 2009 දක්වා එරට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙසත් කට­යුතු කර තිබේ.
ෆිල්ම් ෆෙයාර් සම්මාන රැස­කට ද හිමි­කම් කියන ධර්මේන්ද්‍ර හොඳම නළුවා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන ත්‍රිත්ව­යක්ම දිනා ගැනී­මට සම­ත්විය. එව­කට ඔහු රංග­න­යෙන් දායක වූ ෂෝලේ, චුප්කේ චුප්කේ, පූල් ඕර් පාතර් වැනි ජන­ප්‍රිය බොලි­වුඩ් සින­මාවේ අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­යට පත්විය. දිලීප් කුමාර්, රාජේෂ් ඛන්නා සහ අමිතාබ් බච්චන් වැනි ප්‍රබල සමකාලීනයන් සිටි නිසා ඔහුට නිල වශයෙන් බොලිවුඩයේ “අංක එකේ” ස්ථානයට පත්වීමට නොහැකි වුවද, ධර්මේන්ද්‍ර 2012 දී ඉන්දීය රජයේ පද්ම භූෂණ සම්මානයෙන් පවා පිදුම් ලැබීය. කීර්තිය තාවකාලික බවත් තමන්ට අවශ්‍ය වූයේ ජනතා ආදරය පමණක් බවත් ඔහු නිතර පැවසීය. 19 හැවි­රිදි වියේදී පන්ජා­බයේ ජන ගී ගායි­කා­වක වූ ප්‍රකාශ් කෞර් සමඟ විවාහ වූ ධර්මේන්ද්‍ර 1982 දී දෙවැනි වරට විවාහ වූයේ ඔහුගේ සිනමා ජිවි­තයේ අති­සා­ර්ථක චිත්‍ර­පට රැසක පෙම්ව­තිය ලෙස රඟ පෑ හේමා මාලිනි සම­ඟ ය. ධර්මේන්ද්‍ර ගේ පළමු විවා­හ­යෙන් උපන් සනී ඩියොල් සහ බොබි ඩියොල් පසු­කා­ලි­නව පියාගේ අඩි­පාරේ යමින් සින­මා­වට පිවිසි අතර, දෙවැනි විවා­හ­යෙන් උපන් ඊෂා ඩියොල් ද සින­මා­වට එක්වූ­වා ය.

කාලීන පුවත්