සිඩ්නි නුවර තුවක්කු කරු මෙල්ල කර ගත් පලතුරු කඩ ­හි­මියා වෙනු­වෙන් ඩොලර් මිලියනයක්

පසුගිය 14 වන ඉරිදා ඕස්ටේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහා­රය අත­ර­තුර තුව­ක්කු­ක­රු­වකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුව­ක්කුව උදු­රා­ගත් 43 හැවි­රිදි අහ­මඩ් අල් අහ­මඩ් නමැති පලතුරු කඩ­හි­මියා වෙනු­වෙන් මේ වන විට ඔස්ට්‍රේ­ලි­යානු ඩොලර් මිලි­ය­න­ය­කට ආසන්න අර­මු­ද­ලක් එක්රැස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට දශක දෙක­කට පෙර සිරි­යාවේ සිට ඔස්ට්‍රේ­ලි­යා­වට සංක්‍ර­ම­ණය වූ ඔහු මේ වන­විට එරට ජන­තාව අතර වීර­යකු බවට පත්වි සිටින අතර, ඔහු වෙනු­වෙන් රැස් කරන එම අර­මු­ද­ලට අමෙ­රි­කානු ජාතික බිලි­ය­න­ප­ති­යකු ද ඩොලර් 65,000ක මුද­ලක් පරි­ත්‍යාග කර තිබේ.එම වෙඩි තැබීම අත­ර­තුර ඔහු මෝටර් රථ දෙකක් අත­රින් දිව ­ගොස් තුව­ක්කු­කරු මෙල්ල කර­ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටය මේ වන­විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසක ගේ අව­ධා­න­යට ලක්ව තිබේ.එමෙන්ම අහ­මඩ් අල් අහ­මඩ් තම ජීවිතය පරදුවට තබා එම නිර්භීත ක්‍රියාව සිදු නොකළේ නම් තුව­ක්කු­කරු අතින් සිදු­විය හැකි මරණ ගණන තවත් ඉහළ යෑමේ අව­දා­න­මක් තිබූ බව ද වාර්තා වේ. තුව­ක්කු­කරු පසු­බැස ආපසු දිව­යන අත­ර­තුර සෙසු තුව­ක්කු­ක­රුගේ වෙඩි ප්‍රහා­ර­යෙන් අහ­මඩ්ගේ අත­කට සහ උර­හි­සට තුවාල සිදුවී ඇත. සැත්ක­ම­කට භාජ­නය වීමෙන් පසු ඔහු මේ වන­විට සුවය ලබ­මින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කර තිබේ.ඔහු වටා මෙවන් ආධාර සම්භාරයක් ගොනු වෙමින් පවතිනුයේ ඒ අතරේ ය.

කාලීන පුවත්