වන අලියා පිළිස්සීම ගැන තිදෙනෙක් රිමාන්ඩ්

අනුරාධපුර මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේ දී වන අලියෙකු ගිනි පන්දම් භාවිතා කර පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 42, 48 සහ 50 වයස්වල පදිංචිකරුවන් වෙති. ඔවුන් සත්ව හිංසන චෝදනා මත අද (18) අධිකරණයට ඉදිරිපත් කරනලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ පටයක දර්ශනවලින් පෙනෙන අන්දමට පුද්ගලයන් කිහිපදෙනෙකු ගිනි පන්දම් දල්වා දුර්වලව සිටින අලියාට පහර දීම සුවිසල් සමාජමය ප්‍රකම්පනයක් ඇති කිරීමට හේතු වී තිබේ.වකුගඩු සහ අක්මාවේ රෝගී තත්ත්වය මෙන්ම පිලිස්සීමෙන් ඇතිවූ භීතිකාව එම අලියාගේ මරණයට හේතු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

කාලීන පුවත්