සමස්තයක් ලෙස වැසි සහිත කාලගුණික තත්ත්වය මේ මස 22 වැනිදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පවසනලදි.
නමුත්, තද වැසි එතරම් අපේක්ෂා නොකරන බවද,වැසි තත්ත්වයේ ක්රමික අඩුවීමක් බලාපොරොත්තු වන බව ඔහු සදහන් කරයි.
දිවයින හරහා මේ වනවිට ඊසාන දිග මෝසම ස්ථාපිතව පවතින බවද ඔහු පවසයි.
පසුගිය දිනවල පැවැති වැසි තත්ත්වය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ දිවයින හරහා පැවැති නැගෙනහිර දෙසින් හමන තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම බවද අධ්යක්ෂවරයා පවසනලදි.
මේ වනවිට සුළං රටාවේ තරමක වෙනස්වීමක් නිරීක්ෂණය වන බවද, මේ නිසා පැවැති තද වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වීමට හැකි බවද ඔහු සදහන්කරයි.
කෙසේ නමුත් ඉදිරි දින කීපයේදීත් නැගෙනහිර පළාතේත්,මධ්‍යම සහ ඌව පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් කඩින් කඩ වැසි පවතිනු ඇතැයිද ඔහු පවසයි.
කෙසේ නමුත්, වැසි තත්ත්වයේ තීව්‍රතාවයේ අඩුවීමක් ඉදිරි දින කීපය දක්වා අපේක්ෂා කළහැකි බවද අධ්යක්ෂවරයා කියා සිටියි.
එමෙන්ම දිවයිනේ බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වියහැකි බවද, උතුරු පළාතේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.
ඒ වගේම දිවයින හරහා ඊසාන දෙසින් හමන තද සුළං පවතින බවත්,පැයට කිලෝමීටර් 30-40 ක වේගයෙන් හමන මෙම සුළං විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලට අපේක්ෂා කළ හැකි බවද ඔහු කියා සිටියි.