අර්චුනා අත් අඩංගුවට ගන්නැයි වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ( 23) වරෙන්තු නියෝග නිකුත් කර තිබේ.ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කරමින් අදාළ නඩුව විභාග වේ.ඊට අදාළව ඇප මත මුදා හැර ඇති මන්ත්‍රීවරයා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම වරෙන්තු නියෝගය නිකුත් කර ඇත.

කාලීන පුවත්