ජාතික සුර­ක්ෂිතතා දින සැමරුම හෙට පැරෑ­ලි­යේදී

සුනාමි ව්‍යස­න­යට ගොදු­රුව මිය­ගිය සහ අතු­රු­දන් වූවන් ස්මර­ණය කරන ජාතික සුර­ක්ෂිත දිනය ගාල්ල, රත්ගම පැරෑ­ලිය සුනාමි ස්මාර­කය අබි­ය­සදී හෙට (26) පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ජනතා සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත්වේ.

35,000කට ජීවිත අහිමි කර­මින් තවත් 5,000කට අධික පිරි­සක් අතු­රු­දන් කර­මින් අති බිහි­සුණු සුනාමි ව්‍යස­නය සිදුව හෙටට වසර 21ක් සපිරේ.

2004 වසරේ ඉන්දි­යන් සාග­රයේ සුමාත්‍රා දූපත ආසන්න සාගර පතුලේ හට­ගත් රිච්ටර් මාපක 9.3ක ප්‍රබල භූ කම්ප­නය හේතු­වෙන් හට ගත් උදම් රළ ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් රැස­කට මිනිස් ජීවිත රැසක් අහිමි කළ අතර විශාල දේපොළ හානි­යක් ද සිදු කළේය.

මේ ව්‍යස­නයේ අඳුරු මත­ක­යන් හා ඉන් මිය­ගිය හා අතු­රු­දන් වූවන් සිහි කර­මින් 2012 වසරේ “ජාතික සුර­ක්ෂිත දිනය වාර්ෂි­කව දෙසැ­ම්බර් 26 වැනිදා සම­රනු ලබයි. ඒ අනුව පැරෑ­ලිය පදු­ම­ග­බ්භා­රාම විහා­රා­ධි­පති පැරෑ­ලියේ විමල නාහි­මි­යන්ගේ අනු­ශා­සනා පරිදි සංවි­ධාන කර තිබේ. මෙම ගුණ­ස­මරු උත්ස­වයේ වැඩ කට­යුතු සර්ව ආග­මික වතා­වත් සිදු කිරී­මෙන් පසුව ආරම්භ වේ.

කාලීන පුවත්