උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.