පාසල් පවත්වන වේලාව ගැන ගත් තීරණය මෙන්න

2026 වර්ෂය සඳහා වන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ජනවාරි මස 05වනදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයක පාසල් සහ ප්‍රවාහන පද්ධතියට සිදු වී ඇති හානි සැළකිල්ලට ගෙන, ඒවා යථා තත්ත්වයට පත්වන තුරු 2026 වසරේ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකරන බවයි.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

කාලීන පුවත්