මේ වසරේ මුල් කාර්තුවේ විදුලි බිල වැඩි නොවේ

මේ වසරේ පළමු කාර්තුව සඳහා විදුලිය ගාස්තු 11.57% කින් වැඩි කරන ලෙසට විදුලිබල මණ්ඩලය (CEB ) විසින් කරන ලද ඉල්ලීම ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL )තීරණය කර ඇත.ඒ අනුව මේ වසරේ පළමු කාර්තුව සඳහා ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව පවසයි.නියමිත කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් නොකිරීමේ හේතුවෙන් 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙරට පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යටිතල පහසුකම් ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහා ස්ථාපිත කොට ඇති ස්වාධීන ආයතනයක් වන අතර විදුලි ගාස්තු සම්බන්ධ අවසන් නිගමනයකට ඒමේ අයිතිය ඒ ආයතනය සතු වේ.

කාලීන පුවත්