ඇමති වරුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන්ට අපහාස කිරීම හෙළා දැකිය යුතුයි

රජයේ ඇතැම් ඇමතිවරුන් ගරුතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකත්වය අපහාසයට ලක් කරමින් සිදු කරන ප්‍රකාශ හෙළා දැකිය යුතු බව අතිගරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පවසති.ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දින සැමරුම් දේවමෙහෙයකට එක්වෙමින් උන් වහන්සේ මේ බව අවධාරණය කළහ. රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයින්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති පිරිසක් ලෙස සැලකීමේ තියුණු ප්‍රවණතාවයක් ද මේ වන විට පවතින බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ ශ්‍රී ලංකාව බෞද්ධ සංස්කෘතිය පදනම් වූ ශිෂ්ඨාචාරයකින් යුතු රටක් වන අතර යුරෝපීය රටවල් ආගම ධර්මය පහත් කරමින් ආගමක් නැති ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමට උත්සාහ කිරීම නිසා අද එම සමාජයන් දැඩි ලෙස පිරිහී ඇති බවකි.එවැනි විනාශකාරී මාවතක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම අනුවණකමක් බව ද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ අවධාරණය කළහ.

කාලීන පුවත්