හැත්තෑ පස් අවුරුදු සාපයේ කතාව ජනපති ප්‍රතික්ෂේප කළා

මෙවර නිදහස් දින උත්සවයේදී හැත්තෑ වසරක සාපය ලෙස ඔවුන් කලින් කළ ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතික්ෂේප කළ බවක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.ඒ ඊයේ(04) පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේ පැවති සැමරුම් උත්සවයෙන් අනතුරුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවි වීඩියෝවක් පළ කරමිනි.”ගරු ජනාධිපතිතුමාගේ කතාවේදී එතුමා සාමාන්‍යයෙන් නොකියන දෙයක් අද කිව්වා. ඒ තමයි 75 වසරක් තිස්සේ හොඳ දේවලුත් තිබ්බා අයහපත් දේවලුත් තිබ්බා. නමුත් හොඳ දේවල් තිබ්බා. අවුරුදු 75ක සාපය කියන එක මම හිතන්නේ අද ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කළා ජනතාව ආමන්ත්‍රණය කරපු අවස්ථාවේදී. ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ. හොඳ දේවල් වුණා හොඳ නැති දේවල් වුණා. නමුත් සියලුම දේවල් නරක දේවල් නෙමෙයි.එමෙන්ම 78 වසරක නිදහස් ඉතිහාසය තුළ ලබාගත් ශක්තිමත් සහ සාධාරණ දේ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව පැවසූ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකට එක්වී ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යාම තම ප්‍රාර්ථනාව බව ද කීය.

කාලීන පුවත්