මාදැල් කර්මාන්තය යනු මෙරට ධීවර සංස්කෘතියේ අධ්‍යාත්මික බැඳීමක් සහිත කර්මාන්තයක් බවත් ‘හෝඩි හෙලෙයියා’ හඬින් ඇරඹුණු ඒ සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින්ම තිරසර සංවර්ධනයක් කරා අප යා යුතු බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ධීවර අමාත්‍යවරුන් මෙම විනාශකාරී තත්ත්වය පිළිබඳ අවබෝධයකින් තොරව ධීවරයන් නොමඟ යවන බවටද ඔහු චෝදනා කරයි.ටැක්ටර් භාවිතයෙන් මා දැල් ඇදීමඅහිතකර බව පරිසරවේදීන් පවා පෙන්වා දී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් දැනට අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් ලබන 27 වනදායින් පසුව ධීවරයන් සමඟ සාකච්ඡා කර පරිසරයත් ධීවරයාත් ආරක්ෂා වන ස්ථිර විසඳුමකට එළඹීමට රජය සූදානම් බව වැඩිදුරටත් පවසයි.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන මා දැල් ධීවර සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ වන විට මා දැල් ඇදීම සඳහා වන ශ්‍රමිකයන් ගේ හිඟය මත මෙම පියවර ගත් අතර එසේ නම් යන්ත්‍ර මඟින් ගොයම් කැපීම ද තහනම් කොට නැවත “රන් දෑකැති ගෙන” ආදී ගොයම් කවි කියමින් දෑකැති වලින් ගොයම් කැපීම ද රට පුරා ව්‍යාප්ත කළ යුතු බවකි.